නේක පැහැයෙන් පාට වත්සුණු තවරනා දෙකොපුල් ---- දිගේ...
සීත දෙවමින් ගැලූ කඳුලක් වැටුණි උරහිස මත ----------- මගේ...
වේදනාවක නුහුරු හැඟුමක් පපුතුරෙහි අකුණක් ---------- වගේ...
ජීවිතේ කිසිදාක නොපතපු දිනෙක මට දැනුනා ---------- නගේ...
කෝල බැල්මට ලොබින් වසඟව ආදරේ නම් මුදු --------- සුවේ...
සේද යහනක සිනිඳු සළු මත විඳපු යුරු හද තුල ---------- මැවේ...
සිනිඳු මල් පෙති තැලුන දවසේ විඳපු අපවාදෙට -------- ලොවේ..
නීල දිගු නෙතු ඉකිබිඳින වග නොදැන මා උන්නා ----- නොවේ...
රෝස යායක පිපෙන්නට පැතු මලක් නුඹ කුස තුල ------- හැදේ...
දෑස මානෙක නුදුරු දිනයක අපේ දෑඟිලි නොම ----------- බැඳේ...
සාද සැණකෙළි සුබාශිංසන නැතත් හැඟුමට බැඳි ----------- හදේ...
පාද ඔසවමු අපේ ලෝකෙට ලොවට රහසින් අපි ----------- ළඳේ...
කවි නම් පට්ටයි.........
ReplyDeleteස්තුතියි ඔබට.
ReplyDeleteඒ උනාට බ්ලොග් එක නම් මෙලෝ රහක් නෑ නේද ??