Friday, September 13, 2013

අහේතුක කළලය...





සැඟවිලා ලෝකයෙන් නොහඳුනනන් අතර 
වගුරලා නෙත් දෙකින් කඳුළු සයුරක් විතර
විඳවලා ජීවිතය විඳින්නට පැතු නිතර
බිහිකලද ජීවයක් මවක් වන්නේ කෙළෙස

අසම්මත ප්‍රේමයක මහිම පෙන්වා ලොවට ...
අහේතුක කළලයක් උනා නුඹ මගේ කුසට...
පියෙකු සිටි නැති නිසා නමක් දෙන්නට නුඹට
වන්නට සිදු උනා වෙන මවකගේ නමට

මිදෙන්නට විළිබියෙන් ලෝකයාගෙන් නැගෙන...
සඟවන්න සිදු උනා දරු පෙමත් ළය රැඳුන ...
කිරි එරී බර වෙද්දී දරු දුකට මගේ දෙතන...
දන්නවද යළි යළිත් මැරී උපදින තරම...