Saturday, August 31, 2013
Saturday, September 1, 2012
කවිය, කිචිය සහ මගේ බ්ලොග් කෙරුවාව...
මම මේ බ්ලොග් එක හැදුවට කිසිම දෙයක් ලියන්න උනේ නෑ....
ඒකට ප්‍රධානම හේතුව පොස්ට් එකක් දාන්නේ කොහොමද,
අනිත් අයගේ බ්ලොග් දැක්කාම ඒවගේ දාල තියෙනවා වගේ එක එක වැඩ කිඩ දාලා මගේ බ්ලොග් එක හදා ගන්නේ කොහොමද??? කියලා මට කිසිම දැනුමක් නැති කම.
ඒ දවස්වල ඉඳල මම මේ ගැන උනන්දු උනානම් සමහර විට අද වන විට මම මේ ගැන ගොඩක් දේවල් ඉගෙන ගෙන. නමුත් මගේ උවමනාවක් නැති කම නිසා කිසිම දෙයක් කරන්න උනන්දු උනේ නෑ. නමුත් අද මට හිතුන මේ බ්ලොග් එක මකුළු දැල් ටික හෙම කඩලා අරන් අලුතින් තීන්ත ටිකක් හෙම ගාල ජනාවාසයක් බවට පත් කර ගන්න ඕනි කියල.
එහෙම ඇති වෙච්ච ධනාත්මක සිතිවිල්ලක් (ඒ කිවුවේ අර කාගෙද චින්තනයක් වගේ එකක්.) පෙරදැරි කරගෙන ඔන්න හරි අමාරුවෙන් ආයිත් මේකට ගොඩ වැදුනා 2010 මේක හැදුවට පස්සේ අද තමා මට මතක විදිහට මේකට මම ආවෙත් ඒ ඇවිල්ල බලද්දී හැබැයි 2012 අවුරුද්දෙත් දෙන්නෙක් මේ පැත්තේ ගොඩ වෙලා මොකුත්ම නැති නිසා ආපහු යන්න ගිහින් තියෙනවා දැක්කා... ඒ අයට සිදුවුන අපහසුතාවය වෙනුවෙන් සමාව ඉල්ලන ගමන්ම ඔන්න මොනවා හරි ලියන්න හිතුනා.
ඒත් ඉදල හිටලා මුහුණු පොතට කවි දෙක තුනක් ලිවුවට මම බ්ලොග් රාල කෙනෙක් නෙවෙයිනේ... දිගට හරහට ලියන්න ඒ නිසා මම ටික කලකට උඩදී කවියෙන් ලියපු පොඩි සිද්දියක් ඒ කියන්නේ කවි කතාවක් දාන්නම් කැමති කෙනෙකුට කියවන්න.... මේක පොඩ්ඩක් හාස්‍යය රසය පෙර දැරි කරන් මම ඉස්සර වැඩ කරපු ආයතනයේ හිටි කෙනෙක් ගැන ලියපු කවි පන්තියක්....
මම තවම බ්ලොග් ගැන කිසිම දෙයක් දන් නැති නිසා පොස්ට් එකක් හරියට කරන විදිහ ගැන දැනීමක් නෑ.. ඔයාලට මේ ෆොටෝ එක දාල තියෙන විදිහට මේක කියවන්න පුලුවන්ද දන්නෙත් නෑ එහෙම අපහසුවක් තියෙනවනම් ලින්ක් එකෙන් මුහුණු පොතේ ඇල්බම් ඒකට වත් ගිහිල්ල මේක බලන්න ( ලින්ක් එක හරියට දාල තියෙනවද කියලත් මට හිත ගන්න බෑ... ඔයාල බලල කියන දේ අනුව තමා හිතා ගන්න පුළුවන්... කොහොම හරි අකුරු ලොකු කරලා බලන කන්නදියකින් හරි කියෙවුවොත් හොඳ නරක පොඩ්ඩක් කියල යන්න ... ස්තුතියි
Sunday, May 16, 2010
මගේ බ්ලොග් සටහන...
ඔන්න මමත් හා හා පුරා කියලා බ්ලොග් එකක් හැදුවා.... ඇත්තෙන්ම මේ බ්ලොග් කෙරුවාව ගැන මම මේ ලෝකෙ දෙයක් දන්නෑ..... ඒ උනත් අපි හැමදෙයක්ම කරන්න පටන් ගන්නෙ ටක්කෙටම දැනගෙන නෙවෙයිනෙ ඒ හින්ද ඔන්න මටත් හිතුනා අත් හදා බලන්න. අත්හදා බලන්න ගිහින් ජීවිතේ වැරදුන තැන් නම් එමටයි... ඒ උනත් හිත කියන්නෙ කරලා බලන්නම කියලා... ඒ හින්දා ඔන්න මමත් පටන් ගත්ත. අමාරුවෙන් අමාරුවෙන් බ්ලොග් එකකුත් හදා ගත්තා ඒත් මොනාද එකේ post කරන්නෙ හිතට ප්‍රශ්න ගොඩයි........... ටිකක් ඉවසන් ඉන්න කොට මොනා හරි කරන්න දෙයක් හිතට එයි.... එතකන් මම නවතින්නම්.....
Subscribe to:
Posts (Atom)

