Showing posts with label වෙසක් සුබ පැතුමක් නොවේ. Show all posts
Showing posts with label වෙසක් සුබ පැතුමක් නොවේ. Show all posts

Sunday, May 3, 2015

වෙසක් සුබ පැතුමක් නොවේ !!!

~~~ වෙසක් සුබ පැතුමක් නොවේ ~~~
වෙනදාට මෙන් නැතිව කෙණෙහිලි සඳ අහස් ගැබ --------- දිලෙනවා...
ඒත් පරහට වගේ ඇවිදින් කළු වලාකුළු ----------------------- රවනවා...
දවස් තුන්සිය හැටපහම ගිනි දෙමින් රැස් කර ----------------- තියපුවා...
නොයෙක් ක්‍රමයට ඇඳන් පිරුවට ලෙසින් "දන්සැල්" ------- බෙදනවා...

බුදුන්ගේ තෙමගුල ලෙසින් අපි වෙසක් සඳ දෙස ------------- බලනවා...
නමුත් දහමක නොලියවුණු ලෙස කූඩු තොරන් ද ------------ බඳිනවා...
රැයක් එළිවෙන තුරාවට එහි පහන් දල්වා -------------------- තියනවා...
පොතක් බලනට නැතුව විදුලිය රටේ දරුවන් ---------------- හඬනවා...

දිනක් දෙදිනක් ගතව යන තුරු තෙමගුළට සුබ ---------------- පතනවා...
හරිම සද්දෙට පෝය දවසට කැසට් එක බණ ------------------ කියනවා...
ලබන වසරෙදි අළුත් වෙනකම් අටපට්ටමුත් ----------------- නිවෙනවා...
මකුළුවන්ටත් වැඩක් නැතුවට කූඩුවේ දැල් --------------------- වියනවා...

දොළොස් පොහොයට මස් නොකෑවට වෙනත් දවසට ------- හපනවා...
හතර වෙනිදට ගෙදර සාදෙට කුකුලො දෙන්නෙක් ---------- ඉදෙනවා...
බුදුන්ටත් පංගුව තියා අපි පේරු දානෙත් ----------------------- පුදනවා...
පංචසීලෙට තිබෙන ආලෙට උදේ හවසට --------------------- කියනවා...

උපන් සහතිකෙ අරන් බැලුවම අපේ ආගම -------------------- බෞද්ධ...
බුදුන් ඉපදුන දේශයේ වත් නැතිය මෙහි මෙන් ------------------ ප්‍රසිද්ධ...
නමට ආගම රකින බව අපි ලොවට පෙන්වන ------------------ වැරැද්ද...
හැදෙන දවසක වෙසක් පුන් සඳ නැගෙන්නේ මෙහි ------------ කවද්ද...?