Sunday, April 26, 2015

නාමල් බේබි නොකී කවි!!!

~~~ නාමල් බේබි නොකී කවි ~~~

රට කරවපු අපෙ අප්පට දඬුවම් නොම දෙන්න කියා...
එක දවසක් මැති සබයේ නිදි වරන්න මමත් ගියා...
යස අගේට හිටි උන්දැට අල්ලස් දැල වැටුණු නියා...
මට පුදුමයි බෑ අදහනු දුන්නද? ගත්තාද? කියා...

කරපු තරම් පාදඩ වැඩ කරේ ළඟින් හිටි එවුන් ලු...
අපෙ අප්පා නිර්දෝෂයි මුළු රට එක්සත් කළා  ලු...
ඒ වගේම නිර්භීතයි හිටපු දුටු ගැමුණු වගේ ලු...
උන්දෑ නැති ලංකාවට වෙන සරණක් නම්  නොවේ ලු...

දෑ අවුරුද්දක් ඉතිරිව ඉන්න තියෙද්දිත් බලයේ
අප්පුච්චා  ඉල්ලාගෙන කෑවේ ඇයි මේ වලියේ...
විමලෙ මාම වාසුදේව එක් රැස් කළ ජන රැලියේ...
සල්ලි දීල, බොන්න දීල ගෙනාපු උන්මලු හිටියේ...

බාප්පොච්ච පැනල ගිහින් ඇමරිකාවෙ වහන්වෙලා...
එහේ නොඉඳ මොන අහකට ආවද මෙහෙ පාත් වෙලා...
අල්ලස් කොමිසම ගාවදි හාමුදුරුවො ෆෝම් වෙලා...
ගෝට බාප්පගෙ පිහිටට ආවේ "බොදු බලය" වෙලා...

රාජපක්ෂ වරු සේරම හොර දුෂණ මගඩි කරත්...
මම තවමත් ළාබාලයි පොඩි එකානෙ නීති උගත්...
බැසිල් එදා අප්පුච්චව පරද්දලා  පැනල ගියත්...
රටේ එවුන් පිලිගත්තා කටුනායක තොටට ඇවිත්...

කොහේ කොහොම මොන ජඩ වැඩ කෙරුවත් අපෙ අප්පච්චි ...
මොලේ බිඳක් නැති මිනිසුන් අප්පා ගැන වැලපෙච්චී...
දැන් උන්දැගෙ බලේ නැතත් ලක්දිව නෙත් අඳවෙච්චී...
ගොන් වාහෙල හැම එකෙක්ම මගෙ ලේ නෑයන් වෙච්චී...

මීට රටේ අප්පච්චිගේ ලොකු පුතා.

Saturday, April 25, 2015

දිරිය දියණියගේ පැතුමක්!!!

උහුලලා නුඹ මා හදන්නට ජීවිතේ බර මහමෙරක්...
හිරවෙලා අද වාරු අහිමිව විඳියි දහදුක් කප්පරක්...
අහිමි වී නොපැතූ ලෙසින් යලි මා රකින්නට අත්දෙකක්...
විඳවනා නුඹෙ දුක බලන්නට කුමට මට නිල් ඇස්දෙකක්...

නුඹව රකිනට දිරිය ගන්නට යායුතුය තව බොහො දුරක්...
හිතට දිරි ගෙන දකිමි කෙලෙසක කෙදින හෝ ගමනෙහි නිමක්...
සිනිඳු අත් පොඩි රිදුම් දුන්නට හිතෙහි නෑ කිසි දින දුකක්...
ගෙවන දිවි මග යනෙන මාවත මෙමට නුඹ නොම වෙයි බරක්...

වෙහෙස දනවන ජීවිතේ නුඹ නොවිඳි සැනසුම කිසිදිනේ...
දවස අහවර මිලක් නොලැබුණු දහදියේමයි දියවුනේ...
සසර බවයක කරපු පාපෙක රුදුරු ප්‍රථිපල හිමිවුණේ...
නොවිඳි සැපතක උරුම කඳුළුයි රුදුරු ගින්නක ඇවිලුනේ...

අපට නොදැනෙන නමුදු කුසගිනි නුඹේ දුක් ගිනි හද දවයි...
හිතට සැනසුම නොදෙන සිහිනෙක අසුබ සලකුණු නෙත් පෙළයි...
කඳුළු අතරින් සිනහ වෙන්නට පුංචි හිත මගෙ වෙර දරයි...
දෙඅත් අහිමිව ගියත් රජිඳුනි නුඹ මාව රැකි පිය තුමයි...

තවත් මවකි ඇය

පසුගිය දිනකදී අහම්බයකින් මා ඇමතු විදෙස්ගත සොයුරියකගේ කතාවක් කවියකට නගන්නට තරම් ඇය කියූ කරුණු හැමකකටම වඩා යම්තම් බහ තෝරන වයසේ සිට පියා සොයන ඒ දරු පැටියාගේ හඬ හා අහිංසක සිනහව මගේ පන්හිඳ සංවේදී කළේය. මේ ඒ කතා පුවතයි.

මුවට මුව තබා සිපගෙන සපථවී එදා නළලත
--------------------------------- පෙම්කෙරූ මගේ ආදර හිමිසඳුණි ------ මෙසේ...
නුඹට ලියා දන්වන්නට දුක් ගැනවිලි පවසන්නට
--------------------------------- කඳුළු ඉතිරි නෑ දැන්නම් සිහින් දිගු ------- ඇසේ...
දිනක වඩා නලවන්නට නුඹේ පපුතුරේ තබනට
--------------------------------- පෙරුම් පිරූ කළලය ඇත තවම මා-------- කුසේ...
නමුදු නුඹ නැතේ දකිනට ජීවිතේ බෙදා ගන්නට
--------------------------------- සුවය මා පතන මොහොතක නුඹේ උර --- හිසේ...

දිනෙන් දින ගෙවී ජීවිත මතක පොත ඉබේ පෙරලී
---------------------------------- නුඹේ ගැන මතක හදවත රිදවනා -------- පැයේ...
කුසෙන් එලිය දුටු මොළකැටි සුදු පුතා රැයේ ඇහැරී...
---------------------------------- නුඹේ උණුසුමම ගෙනදී කිරි උරයි ------ ළයේ...
තනිව මුත් තවම රකිනට පතිදමත් ඇතිය හරහට
-------------------------------- ලොවෙන් දස අතින් ගැරහිලි නොකඩවා -- ගැයේ...
නුඹෙන් ලේ උරුම අරගෙන ජීවිතයට හෙටක් හොයන
-------------------------------- අපේ පුතුට නුඹ මොනවද ඉතිරිකර --------- ගියේ...??

පරක් තෙරක් නැති කතරක හැරදමා මෙමන් තනිකර
-------------------------------- නුඹ ගියපු දිනේ මතකෙන් හදපතුල ------- දැවේ....
නිමක් නැති කඳුළු තනිකම වසාගෙන ඇවිත් පපුතුර
------------------------------- අවුලනා ගින්න කිරිකැටි සිනහවෙන් ------- නිවේ....
මවක් ලෙස කිරුළු පළඳා ලොවක් දිනන්නට වෙහෙසුණු
---------------------------- හිතට නුඹ නොමැති තනිකම නොදැනුනා --- නොවේ...
නමක් නුඹ නොදුන් කුමරුන් රජෙක් කරන්නට වෙහෙසෙමි
--------------------------- එයයි මා ලබන සැනසුම හුදකලා -------------- ලොවේ...