Saturday, April 25, 2015

තවත් මවකි ඇය

පසුගිය දිනකදී අහම්බයකින් මා ඇමතු විදෙස්ගත සොයුරියකගේ කතාවක් කවියකට නගන්නට තරම් ඇය කියූ කරුණු හැමකකටම වඩා යම්තම් බහ තෝරන වයසේ සිට පියා සොයන ඒ දරු පැටියාගේ හඬ හා අහිංසක සිනහව මගේ පන්හිඳ සංවේදී කළේය. මේ ඒ කතා පුවතයි.

මුවට මුව තබා සිපගෙන සපථවී එදා නළලත
--------------------------------- පෙම්කෙරූ මගේ ආදර හිමිසඳුණි ------ මෙසේ...
නුඹට ලියා දන්වන්නට දුක් ගැනවිලි පවසන්නට
--------------------------------- කඳුළු ඉතිරි නෑ දැන්නම් සිහින් දිගු ------- ඇසේ...
දිනක වඩා නලවන්නට නුඹේ පපුතුරේ තබනට
--------------------------------- පෙරුම් පිරූ කළලය ඇත තවම මා-------- කුසේ...
නමුදු නුඹ නැතේ දකිනට ජීවිතේ බෙදා ගන්නට
--------------------------------- සුවය මා පතන මොහොතක නුඹේ උර --- හිසේ...

දිනෙන් දින ගෙවී ජීවිත මතක පොත ඉබේ පෙරලී
---------------------------------- නුඹේ ගැන මතක හදවත රිදවනා -------- පැයේ...
කුසෙන් එලිය දුටු මොළකැටි සුදු පුතා රැයේ ඇහැරී...
---------------------------------- නුඹේ උණුසුමම ගෙනදී කිරි උරයි ------ ළයේ...
තනිව මුත් තවම රකිනට පතිදමත් ඇතිය හරහට
-------------------------------- ලොවෙන් දස අතින් ගැරහිලි නොකඩවා -- ගැයේ...
නුඹෙන් ලේ උරුම අරගෙන ජීවිතයට හෙටක් හොයන
-------------------------------- අපේ පුතුට නුඹ මොනවද ඉතිරිකර --------- ගියේ...??

පරක් තෙරක් නැති කතරක හැරදමා මෙමන් තනිකර
-------------------------------- නුඹ ගියපු දිනේ මතකෙන් හදපතුල ------- දැවේ....
නිමක් නැති කඳුළු තනිකම වසාගෙන ඇවිත් පපුතුර
------------------------------- අවුලනා ගින්න කිරිකැටි සිනහවෙන් ------- නිවේ....
මවක් ලෙස කිරුළු පළඳා ලොවක් දිනන්නට වෙහෙසුණු
---------------------------- හිතට නුඹ නොමැති තනිකම නොදැනුනා --- නොවේ...
නමක් නුඹ නොදුන් කුමරුන් රජෙක් කරන්නට වෙහෙසෙමි
--------------------------- එයයි මා ලබන සැනසුම හුදකලා -------------- ලොවේ...

Friday, September 13, 2013

අහේතුක කළලය...





සැඟවිලා ලෝකයෙන් නොහඳුනනන් අතර 
වගුරලා නෙත් දෙකින් කඳුළු සයුරක් විතර
විඳවලා ජීවිතය විඳින්නට පැතු නිතර
බිහිකලද ජීවයක් මවක් වන්නේ කෙළෙස

අසම්මත ප්‍රේමයක මහිම පෙන්වා ලොවට ...
අහේතුක කළලයක් උනා නුඹ මගේ කුසට...
පියෙකු සිටි නැති නිසා නමක් දෙන්නට නුඹට
වන්නට සිදු උනා වෙන මවකගේ නමට

මිදෙන්නට විළිබියෙන් ලෝකයාගෙන් නැගෙන...
සඟවන්න සිදු උනා දරු පෙමත් ළය රැඳුන ...
කිරි එරී බර වෙද්දී දරු දුකට මගේ දෙතන...
දන්නවද යළි යළිත් මැරී උපදින තරම...